Powered By Blogger

Wednesday, July 6, 2011

මම අද කියන්න හිතුවෙ ලෝකෙ තියෙන හොඳම phone 5 ගැන, ඔන්න බලන්නකෝ එහෙනම්.....

ඔව් කට්ටිය හිතුව හරි අංක 1 ට ඉන්නෙ Apple - iphone 4 තමා,

  මේ ඉන්නෙ එයා තමයි......



මෙයාට පුලුවන් වැඩ නම් කෝටියක් විතර,ඒ අතර තියෙනවා හරිම වටින ආස හිතෙන වැඩ ටිකක්...

එකක් තමා FaceTime කියන්නෙ.....
                
                                              ඒ කිව්වෙ අපි video call එකක ඉන්න කොට අපිට පුලුවන්ලු back camera එක on කරන්න.එතකොට අනෙක් එක්කෙනාට පේන්නෙ back camera එකට පේන view එකලු.ඔයාල දන්නවනෙ back camera එකේ  features වැඩියි කියල,flasher එකකුත් තියෙනවනෙ.එතකොට අනෙක් එක්කෙනාට ලස්සන පැහැදිලි video එකක් පේනවලු.


ඊලඟට තියෙනවා Retina Display..... 
                          
                                                           Apple කට්ටිය කියන විදියට ලෝකෙ තියෙන ඔක්කෝම phones වලින් හොඳම display එක තියෙන්නෙ මෙයාටලු.sharpness එකයි resolution එකයි උපරිම අගයක තියෙනවා කියල තමයි කියන්නෙ.


Camera එක ගැන නොකියා කොහොමද ?

ඔයාලගෙ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 megapixels. මදි වගේද ??
මට නම් හිතෙන්නෙ shape කියල. මොකෝ දන්නවද ?
අපිට පින්තූර ගොඩාක් ලොකු කරන්න ඕනි වෙන්නෙ නෑනෙ.වැඩිම උනොත් 21 inches මොනිටර් screen එකක බලයි.එහෙම එකක පැහැදිලිව බලන්න 5 megapixels වැඩිත් එක්ක.

මෙයාගෙ camera එකේ තියෙනවලු sensor එකක්.ඒකෙ නම 'illumination sensor',ඒකට පුලුවන්ලු flasher එකේ එළිය control කරල පින්තූරෙට වද්දන්න.ඔයාලට තේරෙනවනෙ,එතකොට පින්තූරෙට ඕනි තරමට තමා එළිය වදින්නෙ.අඩුත් නෑ, වැඩිත් නෑ.


මට ආ...සම හිතුනු එක තමා,මෙයාගෙ තියෙන Tap to focus  කියන feature එක.ඒකෙන් පුලුවන් පින්තූරෙ අපිට ඕනි තැන focus  කරගන්න.මට හිතුනෙත් දැන් ඕගොල්ලන්ට හිතෙන එකම තමා.
'ඒක නම් නියමයි'
ඇත්ත, ඒක නම් නියමයි තමයි.





මේ දවස් වල TV එකේ ads යන Samsung Galaxy S II තමා අංක 2


ඔන්න ඔතන ඉන්නෙ එයා තමයි......



ඔයාල දන්නවද ලෝකෙ තියෙන phones වලින් හුඟාක්ම කෙට්ටු
 එක්කෙනෙක් තමා මෙයා...

කොච්චර කෙට්ටුද කිව්වොත් 1cm ටත් වඩා අඩුයි.හරියටම කිව්වොත්
8.49mm වෙනවා.

Samsung team එක කියනවා,මෙයාගෙ මේ ultra slim ගතිය නිසා මෙයාව අල්ලගන්න ලේසිලු.





මෙයාගෙ display එක ගැනත් නොකියාම බෑ.මේ display එකට 'SUPER AMOLED Plus' කියන තාක්ෂණය අඩංගු වෙලා තියෙනවා.


බලන්නකො වෙනස.....



Camera එක ගැන කිව්වොත් 8MP auto focus camera එකක් තමා තියෙන්නෙ.LED flasher එකකුත් තියෙනවා.


අංක තුනට ඉන්නෙ HTC Desire S කියන එක්කෙනා.....

     මේ බලන්නකෝ.....
අපිට වැඩිය අහල පුරුදු නැති උනාට  HTC කියන්නෙ ලෝකේ phones  නිපදවන සමාගම් අතුරෙන් මුල් තැනක් හිමිවන සමාගමක්.

ඉතින් අපි කතා කරන්න යන මෙයාගේ තියෙනවා 'HTC Sense'
කියල හඳුන්වන ටිකක් අමුතු වටින වැඩ ටිකක්...... 





ඒ තියෙන වැඩ වලින් මට ආස හිතුනු එකක් තමා 'No More Missed Calls' කියන එක.



එයාට පුලුවන්ලු, එයා ඉන්න තැන අඳුරගන්න.Call එකක් එන වෙලාවකට එයා hand bag එකක හරි සාක්කුවක හරි හිටියොත් එයා rings වල සද්දෙ වැඩිකරල දෙනවලු.
ඒවගේ පුදුම හිතෙන ඒවා ගොඩාරියක් HTC Sense වල දකින්න පුලුවන්.


Display එක ගැන නම් එච්චර කියන්න තරම් දෙයක් නෑ.ඔය පහල තියෙන්නෙ මෙයාගෙ මූන තමා.





480 x 800 resolution එකකුත් එක්ක 3.7-inch touch screen එකක් මෙයාට අයිතියි.


Camera එක.....

iphone අයියගෙ වගේම 5MP කැමෙරා එකක්.මේක auto focus, ඒ වගේම power LED flash එකකිනුත් සන්නද්ධ වෙලයි ඉන්නෙ.






මේ ඉන්නෙ ලෝකෙන්ම 4,කනට පුරුදු නමක්  BB

ඔයාලම බලන්නකෝ....



මෙයාගෙ නම BlackBerry Torch 9800




හැම BB සාමාජිකයෙක්ගේ වගේම මෙයාගෙත් OS එක එහෙම නැත්නම් Operating System එක BlackBerry ම තමා.

මෙයාගේ තියෙන GPS System එක BlackBerry maps වලින් සමන්විතවීම විශේෂත්වයක් විදියට දකින්න පුලුවන්.


Display එක.....






මෙයාට තියෙන්නෙ 480x360 resolution එකකුත් එක්ක 3.2-inch HVGA touch screen එකක්.
BB ල කියන විදියට  මේ screen එකට අවට ඇති ආලෝකය සංවේදනය කරල  ඊට අනුරූපව screen contrast  එක adjust කරගන්න පුලුවන්ලු.




Camera එක.....




Flasher එකකුත් එක්ක 5MP auto focus කැමෙරා එකක්  මෙයාටත් තියෙනවා.






මෙන්න ඉන්නවා පස්වැනි ස්ථානය අරගත්තු 
Motorola Atrix




අනිත් අයත් එක්ක බලද්දි මෙයා තමයි හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න දක්ෂම එක්කෙනා.










ඔව්.විශ්වාස කරන්න අමාරු වුනත් මෙයාට පුලුවන් ඇඟිලි සලකුණු ඒ කිව්වෙ 'finger prints' කියවන්න.




Display එක.....






ලෝකයේ ප්‍රථම වරට qHD display එකකින් සන්නද්ධ වීමේ වාසනාව මෙයාට ලැබිල තියෙනවා.
ඒ නිසා මෙයාගේ screen එකේ resolution එක 960x540 වගේ ඉහළ අගයක් ගන්නවා.
ඒ කියන්නෙ පින්තූර වල පැහැදිලිතාව maximum කියන එකම තමයි.




මෙන්න තියෙනවා camera එක.....






LED Flasher එකත් එක්ක auto focus camera එකක්.මේකත් 5MP ම තමා ඉතින්.


ඉතින් ඔන්න ඔය කට්ටිය තමා හොඳම අය විදියට ලෝකේ හැම තැනම කථා බහට  ලක්වෙලා ඉන්නෙ.







මගේ අරමුණ වුනේ ඔයාලගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න.
මේ post එක වටිනවා කියලා හිතුනනම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා, ඔන්න.


                                                        තැන්කු,හොඳේ...

7 comments: