Powered By Blogger

Wednesday, July 6, 2011

මම අද කියන්න හිතුවෙ ලෝකෙ තියෙන හොඳම phone 5 ගැන, ඔන්න බලන්නකෝ එහෙනම්.....

ඔව් කට්ටිය හිතුව හරි අංක 1 ට ඉන්නෙ Apple - iphone 4 තමා,

  මේ ඉන්නෙ එයා තමයි......



මෙයාට පුලුවන් වැඩ නම් කෝටියක් විතර,ඒ අතර තියෙනවා හරිම වටින ආස හිතෙන වැඩ ටිකක්...

එකක් තමා FaceTime කියන්නෙ.....
                
                                              ඒ කිව්වෙ අපි video call එකක ඉන්න කොට අපිට පුලුවන්ලු back camera එක on කරන්න.එතකොට අනෙක් එක්කෙනාට පේන්නෙ back camera එකට පේන view එකලු.ඔයාල දන්නවනෙ back camera එකේ  features වැඩියි කියල,flasher එකකුත් තියෙනවනෙ.එතකොට අනෙක් එක්කෙනාට ලස්සන පැහැදිලි video එකක් පේනවලු.


ඊලඟට තියෙනවා Retina Display..... 
                          
                                                           Apple කට්ටිය කියන විදියට ලෝකෙ තියෙන ඔක්කෝම phones වලින් හොඳම display එක තියෙන්නෙ මෙයාටලු.sharpness එකයි resolution එකයි උපරිම අගයක තියෙනවා කියල තමයි කියන්නෙ.


Camera එක ගැන නොකියා කොහොමද ?

ඔයාලගෙ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 megapixels. මදි වගේද ??
මට නම් හිතෙන්නෙ shape කියල. මොකෝ දන්නවද ?
අපිට පින්තූර ගොඩාක් ලොකු කරන්න ඕනි වෙන්නෙ නෑනෙ.වැඩිම උනොත් 21 inches මොනිටර් screen එකක බලයි.එහෙම එකක පැහැදිලිව බලන්න 5 megapixels වැඩිත් එක්ක.

මෙයාගෙ camera එකේ තියෙනවලු sensor එකක්.ඒකෙ නම 'illumination sensor',ඒකට පුලුවන්ලු flasher එකේ එළිය control කරල පින්තූරෙට වද්දන්න.ඔයාලට තේරෙනවනෙ,එතකොට පින්තූරෙට ඕනි තරමට තමා එළිය වදින්නෙ.අඩුත් නෑ, වැඩිත් නෑ.


මට ආ...සම හිතුනු එක තමා,මෙයාගෙ තියෙන Tap to focus  කියන feature එක.ඒකෙන් පුලුවන් පින්තූරෙ අපිට ඕනි තැන focus  කරගන්න.මට හිතුනෙත් දැන් ඕගොල්ලන්ට හිතෙන එකම තමා.
'ඒක නම් නියමයි'
ඇත්ත, ඒක නම් නියමයි තමයි.